අලූත් කැදැල්ලක් by HMHA Bandara

හිරු අවරගිර බලා යන්නට සූදානම්වන යාමයේ කැදලි කරා පියාඹන සියොතුන්ගේ රාවයෙන් මුළු අහස ම පිරිණි. හුදෙකලා වූ සිතෙහි එම දසුනෙන් ඉපදුණේ ඊර්ෂ්‍යවකි. උන්ට ඇත්තේ පුදුමාකර යුහුසුළු බවකි. තම ලැඟුම් හල උන්ට කෙතරම් වටිනවාදැයි ඒ දෙස බලා සිටින මා හට වෙනදාටත් වඩා දැනේ. ඉඳහිට හුදෙකලාව පියාසර කරන කුරුල්ලෙකු සොයන්නේ තමන්ට මඟහැරුණු කුමක් හෝ දෙයක් බව මට සිතේ. දිරාපත් අඹ කොළ එක එක මා සිටි තැනට වැටෙන්නේ ජීවිතය පිළිබඳ මහා ලොකු පාඩමක් කියා දෙන්නට මෙනි.

ර්‍ණහැමදාමත් ඔහොම ඉඳලා බෑනෙ. දෙන්නත් එක්ක කතා කරලා තීරණයකට එන්න.”

මිදුලේ අඹ ගහ යට බංකුවේ හිඳ සිටි මා අසළට අම්මා පැමිණි බව ඇය කතා කරන තුරු මම නොදුටුවෙමි. බොහෝ වේලාවක සිට කල්පනාවක නිමග්නව සිටි බව මා හට හැඟී ගියේ එවේලේය.

ර්‍ණකල්පනා කර කර හිටියා කියලා ප‍්‍රශ්න විසඳෙන්නෑනෙ දරුවො. කල්පත් එක්ක කතා කරන්න.”

මා නිහඬ ය. නිරුත්තර ය. අම්මා අප්පච්චීට එක ම දරුවා වූ මා මෙලෙස ජීවිතය පටන් ගත් සැණම අතරමග නවතිනු බලා සිටීම වේදනාකාරී බව මම දනිමි.

ර්‍ණඑයාට මාව එපා නම් මං එයත් එක්ක මොනව කතා කරන්න ද අම්මා?”
ර්‍ණකවුද කිව්වෙ ඔයාව එයාට එපා කියලා. ඔයාමනෙ ගෙදර ආවෙ.”

අම්මාගේ හඬ වේගවත් ය.

ර්‍ණමට එයාව ගැළපෙන්නෙ නෑ.” මම අම්මාගේ දෑස් දෙස සෘජුව බැලීමි.

මමත් කල්පත් විවාහ වූයේ විවාහ යෝජනාවකට අනුව ය. විදුහල්පතිවරයෙකු වූ මාගේ පියාත්, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ කල්පගේ පියාත් කලක සිට හොඳ මිතුරන් ය. විවාහ යෝජනාව පැමිණියේ එම මිත‍්‍රත්වයේ ප‍්‍රතිඵලයක් වශයෙනි. දෑවුරුද්දකට පෙර සිංහල අලූත් අවුරුද්දට වික‍්‍රමසිංහ යුවළ අපේ නිවසට පැමිණි දින මාගේ ඉරණම පෙරළෙන්නට ඇති බව මම සිතමි.

ර්‍ණජයේට දුවෙක් ඉන්නවා කියලා අහලා තිබ්බට දැක්කෙ අදනෙ.”

කල්පගේ පියා පැවසූ දෙය ම ඔහුගේ මවගේ මුහුණෙනුත් පිළිබිඹු වන බව මම දුටිමි.

ර්‍ණඔව් මේ අපේ එකම දුව වත්සලා. මෙයා දැන් ප‍්‍රයිවට් බෑංක් එකක වැඩ කරන්නේ. ගිය අවුරුද්දෙනෙ යුනිවසිටි එකෙන් අවුට් උණේ.”
ර්‍ණඅපේ ලොකු පුතත් දැන් බලංගොඩ පොලීසියෙ නෙ වැඩ කරන්නෙ.”

කල්ප පිළිබඳව මා මුලින් ම දැනගත්තේ එදින ය. ඔහු උසස් පොලිස් නිලධාරියෙකි. ඉන්පසු දින කීපයක් අම්මාත් අප්පච්චීත් කල්ප පිළිබඳව කතා වෙනු මට ඇසිණි. ඒ වන විට වික‍්‍රමසිංහ පවුලෙන් කල්පත් මාත් පිළිබඳ විවාහ යෝජනාව ගෙනවිත් තිබිණි. කල්පව හැඳිනගැනීමට මට උනන්දුවක් නොතිබුණ ද එසේ නොවීමට ද හේතුවක් නොතිබිණි.

ර්‍ණදැන් ඔයාට අවුරුදු විසිපහක්”

අම්මා නිතර කියන්නට වූයේ ද මේ කාලයේ දී ය. විවාහය පිළිබඳ මා සිතූ නමුත් ඊට ගැළපෙන අයෙකු ඒ වන විට ද මට හමු නොවී තිබිණි. කල්ප අපේ නිවසට පැමිණි මුල් දිනයේ ම ඔහුගේ කිසිදු වරදක් මම නොදුටුවෙමි. ඔහු පිළිබඳව තීරණයක් ගැනීමට මා පමා නොවූයේ මන්දැයි දැන් මා හට තිබෙන ගැටළුව යි.

පසුගිය වසරේ මැයි දහ අට වන දා බෙලිහුල්ඔය තානායමේ දී කල්පත් මමත් පෝරු මස්තකාරූඪ වූයේ නෑදෑ හිතවතුන් බොහෝදෙනා ඉදිරියේ ය. දහසක් සිහින සිතුවිලි මා සිතේ උපන්නේ ජීවිතය අලූතින් දැකීමේ හා විඳීමේ ආශාව සිතේ රඳවාගනිමිනි.

කල්පගේ දෙමාපියන් ඉතා සුහදශීලි අය වූහ. නැන්දම්මා සහ මාමාණ්ඩිය ලෙස නොව ඔවුහු මගේම දෙමාපියන් වූහ. කල්ප මා හට සියලූ අවශ්‍යතා සපුරා දුන්න ද එය ආදරණීය බැඳීමක් නොවන බව මට දිනෙන් දින වැටහෙන්නට විය.

ර්‍ණවත්සලා මම යනවා.”
ර්‍ණවත්සලා කෑම ලෑස්ති ද?”
ර්‍ණවත්සලා මගෙ ෂර්ට් එක අයන් කළා ද?”

මෙය හුදු සුහදශීලී බැඳීමක් පමණක් බවයි මට වැටහුණේ. ඔහු මා සමඟ ආදරය පිළිබඳ වදනකුදු කතා කර නැත. මේ ඒකාකාරී ජීවිතයෙන් මිදෙන්නට සිතා දින කිහිපයකට නුවරඑළියේ යමු යැයි මා කී අවස්ථාවේ ඔහු පැවසුවේ ර්‍ණඅම්මලත් එක්ක යන්න.” කියා ය. ඔහුත් මාත් අතර තිබෙන්නේ හුදු කායික සම්බන්ධයක් පමණක් බව මට වැටහී තිබිණි. කල්පට මා පිළිබඳ ආදරයක් තබා අවධානයක්වත් නොමැති බව වැටහුණු එක් දිනක මට ඔහුව අතහැර දමා නික්ම ඒමට තරම් හිත හදා ගතිමි.
එදින මා රැුකියාවට ගියේ මාගේ රියෙන් නොවේ. අධික වැසි සහිත දිනයක් වූ බැවින් මා තනිව රිය පදවාගෙන යාම අවදානම් බව කල්පගේ මවත් පියාත් දෙදෙනාම කීහ. නමුත් මට අවැසි වූයේ කල්පගේ මුවින් එවැන්නක් අසා ගැනීමටය. නමුත් ඔහු පැවසුවේ මෙවැන්නකි.

ර්‍ණඅම්මා මට මෙයා යන රූට් එකේ ගිහින් එනකොට පරක්කු වෙනවා. මෙයාට තී‍්‍රවීලර් එකක යන්න කියන්න.”

කල්ප මෙතරම් හැඟීම් දැනීම් නොමැති අයෙක් ද? ඔහුට නිදහසේ හිඳීමට අවැසි නම් විවාහ වූයේ කුමට ද? ජීවිතය බෙදා හදා ගැනීම, රැුකවරණය, ආදරය මේ කිසිවක් බිරිඳක් ලෙස මම නොලද්දෙමි. කිසිවෙකුට නොපවසා නික්ම එන්නට තරම් මගේ හිත පෑරී තිබුණේ එහෙයිනි. අදට මා නිවසට පැමිණ දින දෙකකි.

අතීතය ආවර්ජනය කරමින් සිටි මා හට අඳුර වැටී ඇති බව හැඟුණේ බොහෝ වේලාවකට පසු ය. රැුහැයි හඬ එන්න එන්න ම වැඩි වූයේ මට සරදම් කරන්නාක් මෙනි.

ර්‍ණමට කල්පගේ අම්මා කෝල් කළා එයාලා කල්පගෙ වරද පිළිගන්නවා. ඔයා ආවට පස්සෙ කල්ප වැඩට ගියෙත් නැහැලූ.”

ඊයේ අම්මා පැවසූ දෙය මට මතක් විය. නමුත් කල්පට මා එතරම් සැලකිය යුතු කෙනෙකු යයි මම නොසිතමි.

ර්‍ණදුව මෙන්න කල්පගෙන් කෝල් එකක්.”

අම්මාගේ හඬින් මම තිගැස්සී ගියෙමි. නමුත් මට ඔහුට කතා කිරීම අනවැසි විය.

ර්‍ණදුව” අම්මා යළිත් කතා කළා ය.
ර්‍ණමට බෑ” මම මුරණ්ඩු වුණෙමි.

දුරකථනය විසන්ධි විය. ඔහු යළිත් කතා නොකළේ ය. මම පුදුම නොවීමි. ඔහුගේ එම ස්වාභාවය මම ඉතා හොඳින් අත්විඳ ඇත්තෙමි. පරිසරය වෙළාගත් අඳුර මගේ සිතත් වෙළාගෙන මෙන් මට දැනේ. මගේ ලෝකයෙන් පිටත මීට වඩා දුක් කම්කටොළු ඇති ලෝකයක් තිබෙන බව මම දනිමි.

ර්‍ණ ඕවත් ප‍්‍රශ්ණ ද?” කිසිවෙකු පිටත සිට අසනවා මෙන් මට ඇසෙයි. එහෙත් මගේ ලෝකයේ මම මීට වඩා වේදනාකාරී අත්දැකීමක් විඳ නොමැත්තෙමි. මිදුලේ කොනක තිබූ සේපාලිකා ගසේ තනා තිබූ බටිති කූඩුව දෙසින් මට ඇසුණේ බටිති පැටවුන්ගේ කීචි බීචි නාදය යි. සේපාලිකා මල් සුවඳින් මුළු පෙදෙස ම සුවඳවත් වී තිබිණි.
කාමරයට වැද නේක සිතුවිලි අතර අතරමං වූ මා පියවි ලෝකයට පැමිණියේ රියක හඬ ඇසීමෙනි. මඳ වේලාවකින් සුදුරුදු කටහඬක් ඇසිණි.

ර්‍ණකෝ වත්සලා…….”

ඒ හඬ පැහැදිලිව මට ඇසිණි. කල්ප….. ඔහු පැමිණ ඇත. මට ඔහුව දැකීමට අවැසි නැත. බිත්ති ඔරලෝසුවේ තත්පර කටුව හදවත ගැහෙන වේගයටත් වඩා වේගයෙන් ගමන් කරන බව මට හැඟිණි. මට තවත් සිතීමට ඉඩ නොතබා දොර රෙද්ද මෑත් වී කල්පගේ රුව මතු වූයේ මා නොසිතූ ලෙස ය. කල්ප සෙමින් සෙමින් මා අසළට පැමිණෙනු මට ඇසිණි. මම ඉවත බලාගත් වන ම සිටිමි. ඇඳ අසළට පැමිණි ඔහු මා අසළ ඉඳගත්තේ මගේ ඇෙඟ් ගෑවෙන නොගෑවෙන කිට්ටුවෙනි. තත්පර කීපයක් ගත වී ගියේ ය. ඔහු යමක් කියන්නට සැරසෙන නමුත් එය ඔහුට කීමට ඇති අපහසුතාව මම වටහාගතිමි. ඔහුගේ දකුණු අත මගේ අතැඟිලි අතර රැුඳවිණි.

ර්‍ණඅපි ගෙදර යමු වත්සලා.”

මම කිසිවක් නොකීවෙමි. මගේ දෙනෙත යොමු වූයේ කවුළුවෙන් පිටත අහස දෙසටය. සඳ මෝදු වෙමින් තිබිණි. සඳ කිරණ විඳිමින් නෙක තරු රටා බැබළිණි. දීප්තිමත් මනරම් අහස් තලය මෙන් මාගේ සිතත් එළිය වූ බව මට දැනිණි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s