තේ – මණ්ඩි by Galagoda Danushaka

අදත් හෝදලා තියන්නේ නෑ වගේ. චිඃ! හොඳ වැඩක් කරන්නම්කො. ඊළ`ග වතාවේ ඕකටම තේ දාලා දෙනවා. ජන්ම ගතිය….

මා කා.කා.ස ලෙස මේ කාර්යාලයට සේවයට පැමණෙන විට තේ සෑදීමට සිදුවන බව දැන නොසිටියෙමි. තේ සෑදීම අමාරු වැඩක් නොවේ. එය මගේ සමහර වැඩ බරින් මිදීමට එක්තරා සහනයක් ද වෙයි. එහෙත් මගේ නොරිස්සුමට හේතුව නම් ඉඳුල් කෝප්ප සේදීමට සිදුවීමයි. මිස්ලා නම් තේ බීපු කෝප්ප ඔවුන්ම සෝදා තබති. සර්ලාගේ කෝප්ප බොහෝ විට සෝදන්නේ මා බව ඇත්තකි. ඒත් සිරිනාත්ගේ කෝප්පය සේදීමට සිත් නොදෙයි. සෑම විටම මට සිතෙන්නේ එය පක්කලිකමක් ලෙසටය. ඒ කෝප්පය අතට ගන්නා සැමවිට ම ඔහුගේ අතීතය මගේ සිතට රිංගයි. තනතුරෙන් ඔහු මට ඉහළ ය. ඒත්…..අනෙක් නිලධාරීන් ගැන මෙන් ඔහුගේත් ‘ගෝත්තරේ’ ගැන මා කිසිවක් දන්නේ නැත්නම් කොච්චර එකක් ද?

සවස තේ වේලාව වෙන විටත් ඔහු කෝප්පය සෝදා නැත.

”තේ වෙලාව!”
”සිරිනාත් සර්ගේ කෝප්පේ හොයන්න මට ඉස්සෙල්ලා කූඹි ඇවිත්.”
”ආ… මේ වැඩ අස්සෙ අමතක වුණා ජිනේ…” ඔහු කාර්යාලයේදී මා අමතන්නේ ජිනදාස යනුවෙනි. ‘ජිනේ’යි කියවෙයි. කාර්යාල සම තත්ත්වයේ අය ඔහුට ‘සිරි’ කියති. මම කාර්යාලයේදී ඔහුට ‘සර්’ කිව්ව ද පිටතදී ‘සිරි’යි කියමි.

‘අමතක වුණා’ කියා ඔහු සෑමවිට ම දෙන පිළිතුරෙහි සාධාරණත්වයක් නම් මට නොපෙනෙයි. එ්නිසා නොසේ¥ කෝප්පය දකින ඇතැම් විටක ‘අනෙක් සර්ලට මිසීලට තේ සර්ව් කරලා මේ යකාට දෙන්න අමතක වුණා වගේ ඉන්නවා. නැතිනම් ඒ කෝප්පයේ තේ මණ්ඩිවලින් ඔහුට ම දමා ගැසීමට සිතේ. මං ලවා ම ඒ ජරා කෝප්පය සෝදවා ගන්නට සිතයි. තේ ජෝගුවේ ම මඳක් ඉතිරි කර ඔහුගේ නොසේ¥ කෝප්පය ළඟ තබා යෑමට සිතෙයි. එහෙත් එවිට මට සිදුවන්නේ ඔහුගේ කෝප්පය පමණක් නොව කූඹීන් දඟලන ජෝගුවද සේදීමටය. එයින් හටගන්නා නොරිස්සුම වසන් කිරීමට මා උත්සහ කළේ සිරිනාත්ගේත් මගේත් රාජකාරී තත්ත්වයන් අතර ඇති වෙනස සැලකිල්ලට ගැනීමෙනි.

තේ හදන නිසා තමයි මේ සේරම. ඒක නොකළා නම් මේ කිසිම දෙයක් නෑ. ෆයිල් එහාට-මෙහාට ගෙනියනවා වගේ යැ….

සවස තේ වෙලාවේ ඔහුගේ නොසේ¥ කෝප්පය වේගයෙන් ගලන ටැප් ජලයට අල්ලා ගෙන සිටියෙමි. ඒ ක‍්‍රියාව කරන විට මගේ අතට දැනෙන්නේ හිරිකිතයකි. ඔහු කට ගැසූ තැන කහපාටින් වූ සෙවල ගතියත්, සේදීමෙන් නොයන අඩියේ ඇති කහට පැල්ලමුත් විටෙක මට ඔක්කාරයක් ඇති කරයි. කෝප්ප අතුල්ලන බුරුසු කැබැල්ලේ ද ඒ සෙවල තැවරී ඇත.
දිනක් අඩියේ ඉතිරි කර තිබූ තේවතුර මතට කැරපොත්තෙක් වැටී සිටියේය. උදෑසන ඒ දුටු මට රාජකාරිය පවා එපාවන තරම් විය. එදා දවසම මා ගත කළේ මහත් අප්පිරියාවකිනි.

සිරිනාතුත්්, මාත් පහේ පන්තියට යනතෙක් ඉගෙන ගත්තේ එකම පාසලේ ය. ඔහු අයත් වූයේ ගමේ පහත් යැයි සම්මත කුලයකට ය. ඔහුගේ මුල් නම සිරියා ය. ශිෂ්‍යත්වය සමත් වී ඔහු නගරයේ උසස් පාසලකට ඇතුළු වනවිට සිරිනාත් හේවගේ බවට පත් විය. ඊට අවුරුදු දොළහකට පමණ පසු මට හමු වනවිට, ඔහු රජයේ කන්තෝරුවක ප‍්‍රධාන ලිපිකරුවෙකි. ඇමති සම්බන්ධීකරණතුමාගේ උදව්වෙන් මට මේ තනතුර ලැබී දැන් අවුරුදු දෙකක් පමණ වේ. මා කලින් සේවය කළේ මේ ආයතනයේ වෙනත් අංශයක ය. මේ කාර්යාලයට මාරු කරන ලද්දේ මීට මාස තුනකට පෙර ය. කාර්යාලයේ සිරිනාත්ගේ කා.කා.ස. ද මා වුවත් ඔහුගේ කෝප්පය සේදීම මට රුචි නොවේ.

‘තේ බීපු පසු කෝප්ප සෝදා තබන්න…’ කියා හැමටම පොදු දැන්වීමක් ගැසිය යුතුයැයි මට සිතේ. එහෙත් එය අනෙක් අයට කරන අසාධාරණයකි.

”පහළ උන් එක්ක කදේට යන්ට එපා කීවා නේද? උන් ආශ‍්‍රය කරන්නට හො`ද උන් නොවෙයි…”

අපේ අම්මා මෙවැනි වදන් කොතෙකුත් මට ඒ දිනවල පවසා ඇත. මේ බෙදීම අපට වඩා ඔවුන්ගේ පරපුරේ ඉහළින්ම ඇදහූ හ. මේ කාර්යාලයේ කෝප්ප සර්ලා හා මිසීලාට අයත් ඒවා ය. සමහර ඒවා මග් ය.

”ජිනදාස, මගේ මේසේ උඩ කූඹි පිරිලා…”
”පුදුමයක් නොවෙයිනේ, කූඹි විතරක් ඇවිත් නැවතුනොත් ඇති..,”

එසේ කියා මම බොරපාට තේ මණ්ඩි සහිත කෝප්පය පෙන්වීමි. ඊට පෙර දිනක තේ මණ්ඩිත් සම`ග කූඹි රැුසක් ජල පහරට හසු කිරීමට සිදුවීම නිසා උපන් කෝපයෙන්, ”අදත් කූඹි මරලා අම්බානෙක පාපයක් තමයි වෙන්නේ…”යි කෑ ගසා, ගස්සා ගෙන ගියෙමි.

එදින ඔහු කෝප්පය සෝදා තබා මේසය පිසදමනු දුටු මා තුල ජයග‍්‍රාහී හැ`ගීමක් ඇතිවිය.

”අදනම් වහීවි….” මගේ කටින් ඉබේම පිට විය.

”මොකක්ද කීවේ ජිනදාස?…”

”නෑ මොකුත් නෑ…”යි කීවේ වචනත් සමඟ තනතුරෙන් පහත්වීමේ අවමානය ද ගිල ගෙනය.

මා කියූ දෙය නොඅනුමානවම ඇසෙන්නට ඇත. එහෙත් එය සිතට ගත් බවක් නොපෙනුණි. ඔහු මා ලවා ම ඉ`දුල් කෝප්ප සෝදවා ගැනීමෙන් සතුටක් ලබන බව පෙනේ. ගොඩනැඟිලි කීපයකට එහා කැන්ටිම පිහිටා තිබුණත් ආයතන ප‍්‍රධානියාගේ විධානයකට අනුව මෙසේ උදේ දහයට හා සවස දෙක හමාරට තේ පිළියෙල කර දෙන්නේ කාලය ඉතිරි කර ගැනීමට ය. ජයනී මිසී සැමගේ ම මුදල් එකතු කර මසකට වරක් තේ කොළ සීනි, පිටි ආදිය මිල දී ගෙනෙයි.

”හොඳයි බලමු. පහළ එකාට මොකද වෙන්නේ කියලා…”

පෙර සිතා සිටි සැලසුම් එකින් එක මතකයට ගන්නට මා උත්සහ කළෙමි.

”මින් පස්සේ අමතක නොවෙන්න වැඩක් දෙන්නම්…”

සෝදන අතරතුර වැරදීමකින් බිඳුණු බවක් අඟවා සේදීම සඳහා ගෙන යෑමට කෝප්පය ගන්නා ගමන් ඔහුගේ ඇෙඟ් තේ මණ්ඩි හැලෙන්නට ඇරීමට සිතුවෙමි. එහෙත් එය මගේ තත්ත්වයට ද හරි නැත. සබන් කුඩු දමා අතුල්ලන ගමන් කෝප්පය බිඳ දැමීමට ද සැලසුම් කළෙමි.

”එතකොට මිනිහා තේ බොන්නේ කොහොමද…”

අමතක වූ බව අඟවා තේ එකක් නොදීමේ වැඬේ ද ක‍්‍රියාත්මක කිරීමට මට ධෛර්යයක් නොවී ය.

”අඬුව කඩන එක හො`දයි. ඒකෙන් එක මොහොතකට හරි සැනසීමක් ලැබෙනවා….” යැයි සිතා කෝප්පයේ අඬුව සින්ක් එකේ ටයිල් මතුපිට වැද්දුවෙමි. ‘ටාං‘ යන හඬින් අඬුව කැඞී ගියේ ය. එවිටම සිරිනාත් මා දෙස හැරී බැලූවේ ය.

”මගෙ කෝප්පෙ නේද? ජිනදාස කෝප්පය කැඩුව නේද?…”
”සමාවෙන්න, සෙවල ගතියට ලිස්සලා ගියා…”

සිරිනාත්ට අඬුව රහිත කෝප්පයක් හිමිවීම ගැන මට ඇත්තේ සතුටකි. අඬුව රහිත කෝප්පය අපහසුවෙන් අල්ලා තේ බොන සැටි මං එදින බලා සිටියේ ජයග‍්‍රාහී හැඟීමකිනි.

”කෝප්පයේ අඬුව පුපුරලයි තිබුණේ. පොඞ්ඩ වැදුණ ගමන් කැඩිලා ගියේ ඒකයි…”
”ඒකට කමක් නෑ. දැන් ඉතිං මොනවා කරන්නද?”

කෝප්පය කැඞීයාම සිරිනාත්ට එක්තරා පාඩුවකි. එහෙත් ඒ වග ඔහුගේ කතාවෙන්වත්, බැල්මෙන්්වත්, හැසිරීමෙන්වත් පෙනුණේ නැත.

”අන්න ලොකු මහත්තයා එන්න කීවා…” ඒ සිද්ධියෙන් දින කීපයකට පසු සිරිනාත් මට අත වනා කැඳවා කීවේ ය.

”මොකටද…?”
”ජිනදාසම ගිහින් බලන්ටකො…” යි ඔහු කීවේ මඳ සිනාවක් මුවග රඳවා ගෙන ය.

මා සිත සැකෙන් හා දෙගිඩියාවෙන් පිරුණේ සිරිනාත් මගේ ක‍්‍රියාවන් ගැන පැමිණිලි කොට ඇත්ද යන සිතිවිල්ලෙනි. පෙර සිදු වූ සියලූ අකටයුතු හා නොසැලිකිලිමත්කම් මෙන්ම රාජකාරිය පැහැර හැරීම්ද ඔහු පවසා තිබෙන්නට පුළුවන. එසේ වූවානම් මට වෙන්නේ කා.කා.ස. තනතුරෙන් ද ඉවත් වීමට බව සිතෙත්ම බියක් ද ඇති විය.

”ජිනදාසට ආයෙම තේ හදන්ට දෙන්නේ නැහැ…”

ලොකු සර්ගේ මුවින් පිට වුණු පළමු වදනින්ම මා සිතූ දේ සත්‍ය බව මට පැහැදිලි විය. එහෙත් මා කිසිත් නොදන්නෙකු සේ හැසිරුණෙමි.
”‘ඇයි සර්, ඒ…”

”මෙන්න මේ ලියමන කියවලා බලන්නකො…”

මා අතට ගත් ලියමන දිග හැරියෙමි. කියවා බැලූ මට මා ගැනම ලජ්ජා සිතුණි. එය උසස්වීමක් සඳහා වූ සහතිකයකි. ඒ පත්වීම් ලිපියට අනුව පළවෙනිදා, එනම් අනිද්දා යි. දැන් තුන්වන පන්තියේ ලිපිකරුවෙකි. ඇත්තෙන්ම එය සතුට උපදවන කරුණකි. එහෙත් සිත පාරන්නට වූ කාරණාව නම් උසස්වීම සඳහා යෝජනාව සහතික කර ඇත්තේ සිරිනාත් වීමයි. මා මෙතෙක් වෙනස්කම් කළ, සිතින් බැණ වැදුණු, මගේම ගමේ, පාසලේ සගයා ය. මා සිතූ සියල්ල, කළ දේවල් දැනගත්තොත් ඔහු කුමක් සිතාවිද? ඔහුට මුහුණදීමට නොහැකි තරමේ අපහසුතාවක් මට ඇති විය. ‘මා කළේ විශාල වරදකි’ යන සිතිවිල්ල උසස්වීමේ සතුට පරයා උඩට මතු විය.

ඉඳලා හිටලා කෝප්පයක් හේදුවයි කියලා මොනවා වෙන්ටද? අපරාදේ… මං ඉක්මන් වුණා වැඩියි… ඒත් දැන් කෝප්පයේ අඬුව ඇලවිය නොහැකි ය. ඒ ගැන හැමදා මගේ ‘වසල’ සිත මා පෙළනු ඇත.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s