දේව සාපය by Thilini Ayanthi Ediriweera

දසත අන්ධකාරය රජයයි. සීත සුළඟ ඉවසිය නොහෙන තරම් ය. අන්ධ අඳුරු කැටියකින් නිමවාලූ ප‍්‍රතිමාව කෙව් දෙවොලෙහි දොරටුව අසළ පියදාස රැුඳී හිඳියි. ඔහු නිසලව සිටියේ නමුදු ඔහුගේ හදවත ළපල්ලක් මෙන් ගැහෙයි. අනේක විධ සැක සංකා අවතාර මෙන් ඔහුගේ හදෙහි සරයි.

ගිලන් වූ පොඩි පුතු රෝහල් සයනයේ තනි වී මේ මොහොතේ හඬයි. පොඩි දුව සුණුසහල් කැඳ කෝප්පයකින් සෑහී ඉරුණු පැදුරේ දී නිදි දෙව්දුව හා හාදවෙයි. පි‍්‍රය බිරිය පමණක් ඔහු එන පෙරමඟ දෙස විවර නෙතින් සැලෙන සිතින් බලා හිඳිනු ඇත.

දෙවොලෙහි වහලය මතින් නැගෙන උස් වූ කුරුසය දෙස පියදාස මඳක් බලා සිටියේ ය. දෙව් බැතියෙන් සැලෙන ඔහුගේ හදට පාපයේ බර ඊයම් බරුවක් විය.

මඳක් කල්පනාවේ යෙදුණු පියදාස සිය හැඟීම් දහර අවශ්‍යතාව නම් යදමින් බැඳ දමා දෙවොලෙහි වහලයට නඟින්නට විය. පෙරදා ඉරිදා වූයෙන් දෙවොලේ පින්කැටය මේ වන විට කදිමට පිරී ඇතැයි ඔහුට හැඟිණ. හිස අරක්ගත් දෙව් බැතිය ඔහුට හරස් වූයේ නමුදු ගිලන් පුතුගේ ඔසු පිණිස මේ ව්‍යායාමයේ යෙදිය යුතුම බැව් ඔහු දැන සිටියේ ය. වහලයට නැඟුණු ඔහු කෙමෙන් කෙමෙන් දෙවොල අභ්‍යන්තරයට පහත් විය. අවට බැලූ පියදාසගේ ඇස රැුඳෙන රැුඳෙන තැන වූයේ අඳුරු සෙවනැලි ය. සීතල පොළොව ඔහුගේ දෙපයට ගෙන ආවේ මළ මිනිසෙකුගේ බඳු ස්පර්ශයකි.

සියයක් අවතාර එකවිට හඬ නගන්නාක් මෙන් හූ හඬ නංවමින් දෙවොලින් පිට චණ්ඩ මාරුතය හමයි. මරණීය වේදනාවෙන් මෙන් කිරි කිරි හඬ නඟමින් තුරු එකිනෙක ඇතිල්ලෙයි. උස් ව ගැහෙන සිය හදේ රාවය පියදාසට ඇසුණේ හදිසි අතකින් සිය හිසට කරන පහරදීමක් ලෙස ය. තෙදවත්ව නැඟී සිටි දේව ප‍්‍රතිමා ඔහුට එරෙහිව සිය දිව්‍ය බලය මෙහෙයවීමට සැරසී සිටිනු හිටිවනම ගැසූ අකුණු එළියකින් පියදාසට පෙනුණි. ‘‘මට සමාවෙන්න දෙවියනි’’ ඔහු දහස් වර සිතින් මිමිණිය.

ඔහු හොර බළලෙකු මෙන් අඩි තබමින් කෙමෙන් පින් කැටයට ලඟා විය. දරිද්‍රතාව නමැති දෙව්දුව දුන් දායාදයක් බඳු වූ සොරකමෙහි බුහුටි අත් ඔහුට තිබුණි. එහෙයින් පින් කැටයෙන් සැලකිය යුතු මුදලක් ඩැහැ ගැනීමට පියදාසට එතරම් වෙලාවක් ගත නොවිණි.

ඔහු සැලෙන අතින් ඒ මුදල මිට මොළවා ගන්නට සැරසුණා පමණි. හිටිවනම දෙවොල පිටුපසින් මහා බිහිසුණු හඬක් නැගිණ. මුළු ලොවම තම හිස මත කඩා වැටුණාක් මෙන් පියදාසට හැඟුණි. දෙවියන් කෙරේ අධික බිය ඇති පියදාස ‘‘අනේ මට සමාවෙන්න දෙවියනේ’’ යැයි මුරගාමින් රිදුම් දෙන සිට ළපැත්ත දෑතින් බදාගනිමින් බිම ඇද වැටුණේ ය.

රැුයට සමු දී පසුදාට ඉර නැඟුනු නමුදු රාති‍්‍රයේ වට වැස්ස නිසාදෝ පරිසරය පුරාම අරක්ගත් අඳුරක් විය. පෙර දා හැමූ අනුකම්පා විරහිත සුළෙඟ් සැබෑ තතු කියමින් තුරු අගින් ගිලිහී ගිය පත් හා අතු රිකිළි ආදියෙන් වැසුණු පොළොව මළ යකුන් නැටු පිට්ටනියක් බඳු විය.
වෙනදාට වඩා නුහුරු වූ බොල් හඬක් නංවමින් පල්ලියේ ඝන්ඨාරය වැදුණේ කුහුල රැුගත් ගම් වැසියන් පල්ලිය කරා අද්දවමිනි. එසේ පැමිණි ඔවුන් හට පින් කැටය පාමුල මුදලක් ද අත මිට මොළවාගත් මිනිසකු වැතිර මියගොස් ඇති අයුරු පෙනිණ. එමෙන්ම පෙරදා රාති‍්‍රයේ දෙවොල පිටුපස වූ කොස් ගසේ විශාල අත්තක් බිඳවැටී තිබෙනු කාටත් දැකගත හැකි විය.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s