බිඳුණු කැඩපත by L A Y Harshani

මෝටර් සයිකලයෙන් බැසගත් සමිත් තම හිස් ආවරණය හැඬලය මත රැුඳවීය. වෙලාව එකොළහයි කාලයි. මෝටර් සයිකලයේ පිටුපස නිල්පැහැ රබර් පටියක් ආධාරයෙන් රඳවා තිබූ දුඹුරුපැහැ ඝනකම පිටකවරයකින් සෑදි සටහන්පොත අතට ගත්තේ ය. කලිසමේ වම්පස සාක්කුවට අත දැමූ ඔහු පෑන ඇත්දැයි පරීක්‍ෂාකොට අතට හසුවූ පෑන එසේම තිබෙන්නට හැරියේ ය.

කුඩා ගොඩනැගිල්ලක් අසළ විය. අහල පහළ කිසිවෙක් නොවී ය. තවදුරටත් මෝටර් සයිකලයෙන් ගමන්ගත නොහැකි අඩිපාරකි. දෙපස සෑදී එක එල්ලේ ඉහළ නැගි හොරගස් නිසා හිරුරැුස් හි පීඩාකාරී බව නොදැනුණි. සති කීපයක් තිස්සේ වැසි නොලද සෙයකි. දෙපා මාරුකළ හැකි තරමට කුඩා අඩිපාරේ වැටී තිබූ හොඳින් වේළුණු හොර කොළ පෑගීමෙන් ‘‘චර චර’’ ශබ්දය ඉපදිණ. ටික දුරක් ගමන්කළ ඔහු පාරෙන් දකුණපස කුඩා තේ වගාවක් මැද පිහිටි නිවසක් දුටුවේ ය. එය සිමෙන්ති ගලින් කළ අඩක් වැඩ නිම වූ නිවසකි. කපරාරුකර නොතිබූ අතර ජනෙල් නිල්පැහැ ඉටිකොළ මඟින් ආවරණය කර තිබිණ.

ඉදිරිපස දොර විවරව තිබිණි. ඔහුට නිවෙස ඉදිරිපස බංකුවක් මත වාඩි වී අල්ලට ගත් සීනි සමඟ කහට බොමින් සිටි මැදිවියේ කාන්තාවක් දක්නට ලැබිණි. ඔහු උගුර පෑදුවේ ය. එසැණින් ඔහු දෙසට හැරුණු කාන්තාව වාඩි වී සිටි බංකුවෙන් නැගී සිටියා ය.

”රාළහාමි” යි මඳක් තැති ගැනීමෙන් හා ගෞරවයෙන් යුක්තව ඔහු ඇමතුවා ය. අත රැුඳි වාර්තා පොත පෙරළා බැලූ ඔහු, ”ඒ. එස්. ආරියසේන කියන කෙනාගෙ ගෙදරට තව දුරද?” යි ඇසී ය. ”ආ ඔව් රාළහාමි …..”

”මේ පාර දිගේ දිගටම ගියාම ගල් තලාවක් එක්ක තියෙන කුරුඳු ඉඩමක් හම්බවෙනවා. ඒ එක්කම මැටි ගහපු පොඩි ගෙයක් තියෙනව. ඒ ගේ තමයි රාළහාමි, ආරියසේනගෙ ගෙදර” යි කියාගෙන ගොස් ඒ එක්කම හඬ අඩුකරමින් මෙසේ ඇසුවාය.

”ඇයි සර් ආරියසේන ආපහු ගෑණිට තඩි බාලද?’’

ඒ සඳහා ප‍්‍රතිචාරයක් නොදැක් වූ ඔහු දෙබැම ඉහළට ඔසවා යටැසින් ඇය දෙස බැලූවේ පිටට නොපෙනෙන සමච්චල් සහගත සිතකිනි.

”හරි බොහොම ස්තූතියි” යි කියා නැවත අඩිපාරට පිවිසි ඔහු ගමන් කරන්නට විය.

විශාල ගල්තලාවක් මැදින් සැකසී තිබූ අඩිපාර දිගේ ගමන්ගත් ඔහුට කුරුඳු ඉඩමත් ඊට යා වූ කුඩා මැටි ගෙපැළත් දක්නට ලැබිණ. පළමුව දිස් වූයේ නිවසෙහි පිටුපස කොටස ය. කිසිවෙක් පෙනෙන්නට නොසිටියේ ය. ඉදිරියෙන් දකුණට හැරී කුඩා ගල් පඩිපේලි කීපයකින් ගොඩ වූ පසු නිවසේ ඉදිරිපසට ළඟා විය.
වයස අවුරුදු දහයක පමණ කුඩා පිරිමි දරුවෙක් සහ අවුරුදු පහක පමණ කුඩා ගැහැණු දරුවෙක් මිදුලේ කෝම්පිට්ටු සෙල්ලම් කරමින් උන්හ. සපත්තු දමා ගල්පඩි නැගීමෙන් හටගත් බරඅඩි ශබ්දය නිසා ඔවුන් දෙදෙනාම එකවර ඔහු දෙස බැලූහ.

ගැහැණු දරුවා ක්‍ෂණයකින් ගෙතුළට දිවගිය අතර පිරිමි දරුවා තැතිගත් දෑසින් ඔහු දෙස බලා සිටියේ ය.

”පුතා තාත්තා ඉන්නවද?” ”නෑ….. තාත්තා කඬේට ගියා” ”තව කවුද ගෙදර ඉන්නෙ?” ”මමයි නංගියි විතරයි” අත රැුඳි පොල්කටුව බිමට දමමින් දරුවා පිළිතුරු දුණි. දරුවා වෙත නැඹුරු වූ ඔහු, ”තාත්තා කොහේ යනව කියලද කිව්වෙ?” ”කිව්වෙ නෑ”

හිස බිමට නවාගෙන සිටි දරුවා දෙස බැලූ සමිත්ට, තම මව දැඩි සත්කාර ඒකකයේ සිටින බව හෝ ඇයට අසාධ්‍ය බව හෝ නොදන්නා අසරණ දරුවන් පිළිබඳව උපන්නේ කණගාටුවකි.

”ඊයේ ? ගෙදර මොකද උනේ?” පිළිතුරක් නොදුන් දරුවා හඬන්නට විය. ”ඇයි පුතා අඬන්නේ?” වැලි ගෑවී තිබු දරුවාගේ දෑතගෙන ඔහු ඇසීය. දරුවාගේ හැඬීම උත්සන්න විය. දරුවාගේ දෑත මුදාහල ඔහු නැගී සිටියේ ය.

වටපිට බැලූ ඔහු මිදුල පුරා විසිරී තිබූ කැඞී ගිය ප්ලාස්ටික් පුටු දෙකත්, වතුර දමන නිල්පැහැ ප්ලාස්ටික් ජෝගුවත්, විසිරී ගිය බත් ඇට ඔසවාගෙන යන කූඹි ?නත්, තැලී පොඩි වී ගිය බෙලෙක් පිඟානත් කණ්ණාඩියක බිඳී ගිය කැබලිත් දුටුවේ ය.

බර සුසුමක් පහළට හෙලූ ඔහු නැවත දරුවා වෙතට සමීප වී,

”‘පුතා තාත්ත එන වේලාවක් කිව්වෙ නැද්ද?” යි ඇසී ය.

දරුවාගෙන් පිළිතුරක් එවරද නොවූ අතර හඬා අවසන නතර නොවන ඉකිගැසීමක් මුවින් පිටවිය. නැවත නැගී සිටි ඔහු අසළ බිඳී ගිය කණ්ණාඩියේ කැබලි එකතු කරන්නට වූයේ කුඩා දරුවන්ට එය පෑගීමෙන් අනතුරක් වේ යැයි සිතූ බැවිනි. එකතු කළ කණ්ණාඩි කැබලි සමඟ වූ විශාල කණ්ණාඩි කැබැල්ලෙන් ඔහු තමාගේ රුව දුටුවේ ය.

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
සමිත් මිදුලේ ඇඟිල්ලෙන් අකුරු ලියමින් සිට, බර සපත්තු අඩි ශබ්දය ඇසී පාර දෙස බැලූ විට කාකි නිල ඇඳුම ඇඟලා ගත් තරබාරු කාලවර්ණ දේහයකින් යුතු පොලිස් නිලධාරියා දුටුවේ ය.

”තාත්තා කෝ?” පොලිස් නිලධාරියා ඇසීය. ”තාත්තා අම්මව බලන්න ගියා” සමිත් පිළිතුරු දුන්නේ ය. ”ඇයි අම්මා කොහෙද ගියෙ?” පොලිස් නිලධාරියා තරමක සමච්චල් සහගත බැල්මකින් යුතුව ඇසීය.

”ඉස්පිරිතාලේ” ”ආහ්! එහෙම ද? ඇයි අම්මට මොකද උනේ?” කිසිවක් නොකියා බිම බලාගත් සමිත් හැඬුම් ආසන්නව සිටියේ ය.
”ඇයි අම්මට මොකද උනේ?…..” පොලිස් නිලධාරියාගේ හඬ දරදඬු ය. සමිත් තවමත් නිහඬ ය. ”ඇයි දැන් කතා කරන්න බැරි ද? අම්මට මොකද උනේ…..’’ සැරපරුෂ හඬ තවත් උත්සන්න වෙමින් සමිත්ගේ කණ ළඟ පිපිරුවේ ය.

වයස අවුරුදු දොළහක් පමණ වූ සමිත් ගෙදර ඇති වූ දබරය මතක් කිරීමට අකමැතිය. නිතර නිතර සිදුවෙන දබර ඔහුට බිය ගෙන දුන්නේය. එනිසාම ඔහු නැවතත් නිහඬය.

”ඇයි අම්ම ඉස්පිරිතාලෙ ඉන්නෙ?” ළඟින් ම ඇසුණු හඬින් බියෙන් තැතිගත් සමිත් පිළිතුරු දෙන්නට උත්සහ දැරුවේය. ”අම්මට තාත්ත ගැහුව” ගොත ගසමින් වෙවුළුම් සහගතව පිළිතුරු දුන් දරුවා නොතැකූ පොලිස් නිලධාරියා නිවස අවට බලන්නට විය.

ඒත් සමගම එතනට පැමිණි සමිත්ගේ ආච්චි අම්මා, ”අනේ රාළහාමි දරුවට සැර කරන්න එපා” යි ආයාචනාත්මකව පැවසුවා ය.

එය නොතැකූ පොලිස් නිලධාරියා, ”මෙච්චර ලොකු පිරිමි ළමයෙක් වෙලත් අම්මට ගහනකම් බලන් ඉන්නවද? මීට පස්සෙ අම්මට ගහල කියල අපිට කිව්වොත් තමුන්ව තමයි පොලීසියෙ කූඩුවට දාන්නෙ හරිද?” යි සැරපරුෂව සමිත් දෙස බලා පැවසුවේය.

සමිත්ගේ හැඬුම් තවත් උත්සන්න විය.

අනතුරුව ආච්චිඅම්මා සමඟ කතාබහේ යෙදුණු පොලිස් නිලධාරියා කියූ කිසිවක් සමිත්ට ඇසුණේ නැත. ඔහු බියෙන් යුතුව ගේ තුළට ගියේ ය. පොලිස් නිලධාරියාගේ හඬ ඇසෙන නොඇසෙන ලෙස හඬමිනි.

කෙසේ හෝ කුඩා අවධියේ සිට වයස අවුරුදු විස්සක් පමණ වන තෙක් ඔහු කාකි නිල ඇඳුම දුටු විට සැඟවෙන්නට වෙර දැරීය. මගතොට දී දුටුව ද කාකි පැහැ නිල ඇඳුම ඔහුට බිය ගෙන දුන්නේ ය.

දිනක් පාසල අවසන්ව නිවසට යන අතරතුර

* * * * * * * * * * * * * * * * * * * * * * * * * * * *
”අයියේ තාත්ත තාම නෑනෙ. මට බඩගිනියි” යැයි දැරිවියගේ හඬ ඇසීමත් සමඟ පියවි සිහියට ආ සමිත් කණ්ණාඩි කැබලි තුළින් තැනින් තැන දිස්වන තමාගේ රුව නැවත දුටුවේ ය. කාකි පැහැ නිල ඇඳුමට තමන් පෙර මතකයේ රැුඳි තරබාරු, ඝණ උඩු?වුලක් ඇති කාලවර්ණ පොලිස් නිලධාරියා තරම් නපුරු පෙනුමක් නොවී ය. තලෙළු පැහැ මුහුණ, උඩට පීරූ බොකුටු කොණ්ඩය, තමාගේ ශරීරයේ පමණට තරම් වූ සහ තමන්ගේ පෙනුමට අලූත් වූ නිල ඇඳුම ඔහුට ගෙනාවේ ගෞරවනීය පොලිස් නිලධාරියෙකුගේ පෙනුම ය. එහි නපුරු බවක් ඔහු දුටුවේ නැත. දෛවය තමා රැුගෙන ආ තැන ගැන ඔහු සිතුවේ පුදුම සහගතව ය.

”නංගි අන්න තාත්තා බත් ගේනව” යි පැවසූ පිරිමි දරුවාගේ හඬත් සමග සමිත් වාඩි වී උන් ගල මතින් නැගී සිටියේ ය.
තමා දකිත්ම අත රැුඳි බෑගය ද දමා දිවයන මිනිසා දැක ‘ඔහොම නවතිනවා’ යි පවසමින් පසුපස සමිත් ලූහුබැන්දේ අතීතයේ කාකි නිල ඇඳුම තමා වෙත ගෙන ආ අඳුරු පැහැ අතීතය වර්තමානයේ තමා ඇඳ සිටි කාකි පැහැ නිල ඇඳුමෙන් වසා දමමිනි.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s