සඳ තරු මල් by Maheshika Kalyani Dissanayake

ඇගේ ගමන් තාලයට නටමින් ආ පනිට්ටුව සුරතින් මිදී ¥විලි වළාවක් විසුරුවා මහත් හඬින් මිදුලේ පතිත විය. ඇහැළ මල් විසිරුණු චීත්ත රෙද්දේ දිය ගසා වැලට දැමූ ඇය දිගු කෙස් වැටිය ගස්සා මොනරියක් සේ වරක් එතනම කැරකුණාය.

අඩියට දෙකට පිල්කඩ පැන ගෙයි උළුවස්සේ එල්ලීගෙනම අඩවන්කර තිබූ දොර පළුවට සිහින් තල්ලූවක් දුන් ඈ එසැනින්ම ආපසු පිල්කඩට විසි වූයේ ඉන්ද්‍රජාලයකිනි. සුදු රෙදිකඩ සිපගත් කෙහෙරැුලි එක්කර හිස් මුදුනට බැඳ ගනිමින් කාමරයෙන් මෑත් වූ සේපාලිකාගේ අම්මා ලිප් බොක්කේ අඟුරු ඇවිස්සුවේ තාමත් නොනිමී ඇති ගිනි පුළිඟුවක් ඇත්දැයි පරීක්‍ෂාවෙනි.

වරක් දුටු අයෙකුට නැවත වරක් හැරී නොබලා සිටීමට නොහැකි තරමේ රූ සපුවක් හිමි සේපාලිකා වැඩිවියට පත්වූයේ බක් මහේ අසිරිය විඳින්නට දින දෙකකට පෙරය. ”මගෙ දුවේ උඹට තේ කහට ටිකක්…………..” අම්මාට කියා නිම කිරීමට කාලය මදි විය.

”මට ඕන නෑ” කියමින් මිදුලෙහි වූ පනිට්ටුවට වැරෙන් පහරක් ගසාගෙනම ඈ වත්ත පහළට දිව්වාය. දිය බිංදු බේරී තෙත්ව ගිය චීත්ත ගවුම ඇගේ උකුළේ රූ සිරි මැවීය. ඇය සීතලව ගිය ඇඟිලි තුඩු මිරිකමින් වෙරළු ගහයට කැකුණ කොටේ උඩ ඉඳ ගත්තාය.

අප්පච්චිගෙ කවිච්චියේ මුදලාලි! ඇගේ දෑස් ඉදිරියේ ඒ මහත් වූ දේහය මැවුනේය. තම්බින්ට ගිය රට, එය ඇයට නිතර දෙවේලේ අසා පුරුදුය. මගෙ ආදර අප්පච්චි, නිල ඇඳුමට හරියට සෙනෙවියෙක් වගෙයි. මාව තුරුළු කරන් මගේ සේපාලිකා කැකුළ කියූ ඒ හඬ අදටත් ජීවමාන නම්? උකුළට වැටුන වෙරළු ගැටය දත්වලට මැදි වූ සැනින් ඇඹුල්ව ගිය මුහුණේ සිහින් වූ දෑසින් උණු කදුළු බිංදුවක් රෝස කම්මුලට වැටුණි. අප්පච්චිට නිවාඩුදාට අපේ ගෙයි මඟුල් වගේ අප්පච්චිගේ උකුළේ දඟලන මට අම්ම බත් කවද්දී තාත්තගේ බඩත් පුරවනව මට හොරාම. අපේ ජීවිතවල හිඩැසින් රිංගන්න එදා ඉඳන් දත කෑව මුදලාලි අපව අද ජීවත් නොකරන්නේ ද?

සේපාලි අක්කේ……. සූකිරිගේ (ඥාති සොහොයුරෙකුගේ* කටහඬ ඇහුණේ රබර් වත්ත දෙසිනි. ඇය හැරෙන්නටත් පෙර පිට මැදට වැදුනු රබර් ඇටයක් ඇගේ වේදනාව දෙගුණ කරමින් දෙඇසින්ම කඳුළු විද්දේය. හුරේ! ටක්කෙටම වැදුණ, දෑත විහිදා සේපාලිගේ පිටු පසින් පැමිණ ඇගේ ගෙල බදාගත් සූකිරි කැකුණ කොටෙන් බිමට නොවැටී බේරුණේ අනූනමයෙනි.

වෙනදා ප‍්‍රතිප‍්‍රහාර නොවරදවාම සූකිරිට ලැබුණු මුත් අද සේපාලි අක්කා බිරාන්ත වෙලාය. ගෙලෙහි එල්ලීගෙනම ඇගේ මුහුණට එබුණු සූකිරි දෑසෙහි නැගුණු කඳුළුවල හේතුව සොයන්නට වෙහෙසුනේය. ”ඇයි අක්කේ රිදුනද ඔයාට? ඔයාට ඇතිවෙනකම් මට ටොකු අනින්ට හා බැරිනම් මගේ කන මිරිකන් ඉන්න” සූකිරි ඇගේ දකුණත ගෙන ඔහුගේ පුංචි කන ළඟට අදිමින් ඇවිටිලි කළේය. ”මට දුකයි සූකිරි…… අපි යං බාප්පොච්චිගෙ සොහොන ළඟට.”

අනේ අම්මෝ මට නම් බෑ. දැන් යක්කු ගස් නගිනව ඇති. ආරණ්‍යයේ බෝධි පූජාවට යන්ට අරලිය කඩන්න යං, චූටි අක්ක දෙවට පාරේ එනව කිව්ව. අප්පච්චිගේ සොහොන් කොත දෙස ඈත ඉඳන් නැවත වරක් හැරී බැලූ සේපාලිකා සූකිරිත් කැටුව අරලිය ගොන්නට ගෑටුයේ චූටි නංගි ගල්තලාව පාමුල දී හමුවේයැයි සිතමිනි. සූකිරි පරිස්සමට ඔය කිරි ඇහැට වැටෙයි. ඉඳා…… මං අද ගහට නැංගා වගේ නේ සේපාලි අක්ක අඬන්නේ….

කවුද ඇඬුවේ ? චූටි නංගි ඇසූ පැනයට සූකිරි පිළිතුරු දීමට පෙර සේපාලිකා, ආං අර අරලිය ගහේ…… වඳුරෙක් ද අක්කේ…… ”නෑ නෑ තම්බියෙක් මල් කඩනව චූටි අක්කේ” සූකිරි දුන් පිළිතුර සකීම් අයියාට ඇසෙන්නට ඇත. සූකිරි ගහෙන් බහින්නටත් පෙර ඔහු හා විමල් ද අප අසළට පැමිණියහ. ඇයි අද මල් වට්ටි වෙන්දේසිය නොවැ සුදු සූකිරි. අපට අමතක වුණානේ අයියේ වෙනද පුරුද්දට සූකිරිව ගස් නැංගුව. සරි සරි නංගිලා ඔය මල් පූජන්ඩ එන්ඩ ඕනෑ හවහට හොඳේ. සකීම් අයියා කී දෙයට සූකිරි කොක් හඬලා සිනාසුනේ ය. ”අපි යනවා අයියේ” කී සේපාලිකා සූකිරිගේ අතින් ඇදගෙනම ගල්තලාවට නැංගාය. මඳක් දුර ඇවිත් අත ගසා දැමූ සේපාලිකා සූකිරිගේ පුංචි නහයට තම දබරගිල්ලෙන් ඇන ”හොඳයි හැදෙනව පොඩි එකෝ” යි කීවාය.

අම්මා, සේපාලිකා, සූකිරි හා චූටි නගා ද සිසිලියා කැටුව ආරණ්‍යයට යෑමට පිටත් වූහ. සේපාලිකාත්, චූටි නගාත් සුදු ළමාසාරි ඇඳ, අරලිය මල් වට්ටි ඇතුව ආරණ්‍යයේ ගල් පඩි නගින අපූරුව ඈත සිට බලන්නෙකුට නෙතට රසඳුනක් විය. උඩ මළුවේ පහන් කණුව ළඟ ඇන බාගත් ඇසිලින් නැන්දාගේ ඝාණ්ඨාර හඬ මළුවට යන එනවුන්ගේ දෙසවන් පුරවාලයි. ”ඈ……… බං සිසිලියෝ උඹේ මස්සිනාල දිහාට ආප්පෙ දාපු අනංගයා වඩිනවලූ කියන්නෙ.” ”අනේද කියන්නෙ නමට හරියන හැටියට නොවැ වැඩ කෙරෙන්ඩ ඕනෑ. ඒක දැන් පේ‍්‍රම පුරයක්ලූ.”

ඇසිලින් නැන්දාගේ කතාවට හවුල්වුණු කිරි ආතා කියු කතාවට සේපාලිකාට ඉහිලූම් නැති විය. ඇය සිසිලියා පුංචි අම්මාත් පෙරළාගෙන පහත මළුවට දුවද්දී උඩට නගිමින් සිටි සකීම්ගේ ඇෙඟ් හැප්පී ඇද වැටෙන්නට ගියාය. අත තිබුණු වට්ටිය හා මල් පඩි පේළි මත විසිරෙද්දී සකීම් ඇගේ අතකින් අල්ලා නොගන්නට සේපාලිකා පඩිපෙළට එපිටින් වූ හෙළට ඇද වුටෙනු නියතය.

පූජා ද්‍රව්‍ය පෙළට පුදසුන වෙත ගෙන යද්දී සේපාලිකා මලින් පිරවූ වට්ටියක් සූකිරි ගෙනවිත් බෝධිය ළඟ හුන් සේපාලිකා අතට දී ”අක්කට පූජන්ඩ දෙන්ඩ කිව්ව” කියමින් වෙන්දේසිය දෙසට දුවන්නට වූයේ ය.

මිදුලේ බංකුව මතට වී ඇඹරැුල්ල ගෙඩියක් විකමින් සිටි සේපාලිකාගේ හිස, ඇගේ අකමැත්ත නොතකා පීරන්නට වූ අම්මා, ”සේපාලිකෝ ඊයේ ආරණ්‍යයේ දී උඹට වැහුන යකා මොකාද බං” යැයි ඇගෙන් ඇසුවාය. ”මට නෙමෙයි අම්මටයි යක්කු වැහිලා තියෙන්නෙ. මට බෑ තවත් මෙව්ව ඉවසන්ඩ ඕන්…….”. ”මොනවද උඹට ඉවසන්නට තියෙන්නෙ? මේ මහපොළොවෙ බරද? පැහිච්චකං නොකියා ගිහිං මුදලාලිගේ කඩෙන් පාන්පිටි ඇන්න වරෙං.” ”මට බෑ අම්මේ” කියා ඇය හා දබර කරන්නට සිතුනත් අම්මා ඉක්මන් විය. ”? වෙන්න විගහිං පලයං මගෙ දුවේ, මං යනව බිසෝ මැණිකෙලා දිහා පොල් අතු විවිල්ල අහවර කොරල එන්ඩ.”

සේපාලිකා පන් මල්ලත් රැුගෙන මිදුලට බැස්සේ නොගියොත් ? කෑමට දෙයක් නොමැති වන බව සිතමිනි. ඈ ඈත තියාම මුදලාලි මේසය ළඟ සිටිනු දුටුවාය. දෙවරක් සිතන්නට හිතට ඉඩ නොදී ඇය ආපසු හැරී දුවන්නට වූවාය. පල්ලිය පාරෙන් බැස්සම ඕවිටට තවත් ළඟ බව දන්නා ඈ ඒ පාරෙන් යාමට සිතා එදෙසට හැරෙද්දී සකීම් පල්ලිය මිදුලෙන් පාරට පැන මොනවදෝ සොයනු ඇය දුටුවාය.

”සේපාලිකා අපේ කඬේට ද ගියා……. සරි වැඬේනේ අප්පා, මගේ සෙරෙප්පු දෙක කවුද උස්සලා.” හිස කසමින් ඔහු පවසද්දී මෙතෙක් නිහඬව සිටි සේපාලිකාට සිනහ නොවී සිටීම අසීරු විය. මුදලාලිට හොඳට සිංහල කතා කළ හැකි වුවද සිංහල ඉස්කෝලෙට ගියත් සකීම් අයියාට තාම සිංහල බෑනේ ඇත්තට ඈ සිතන්නට වූවාය. ”දැන් ඉතිං මොනව කරන්නද? මිනිස්සුන්ට ඔයිට වඩා දේවල් නැති වෙනව අයියේ, ඔහොම යන්න ගෙදර පිනට දුන්න කියල හිතා ගන්න. මුදලාලිත් හරියට පිං පතා දන් දෙනවනේ.” ”පිං තමා ෂිකේ……. අප්ප දෙයි මට පිං…….”

කිසිවක් නොකී සේපාලිකා ආපසු හැරී ආ මෙඟහිම ඉදිරියට පියමනින්නට වූයේ විගසින් ගෙදර යාමට නම් නොවේ. කොත් කැරැුල්ලට එපිටින් නැගුණ අඩ සඳට තනි තරුව ළං වන අයුරු ඇගේ දර්ශන පථයෙන් ඉවත්ව ගියේ ලබන මාසේ ඉස්කෝලෙ විරු සැමරුමට ගයන ගීතයක පදවැල් ඇය මුමුණන අතරතුරේය.

ලොවේ සැමා එකම දැයේ ¥ දරුවන් වේවා
වාද නැතී භේද නැතී ලස්සන ලොව හෙට
අපට උදා වේවා……..!!

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s